මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක පර්යේෂණ, නවකයන්ට තම දැනුම වැඩි දියුණු කර ගැනීමට දිරිගැන්වීමක්

    පෙබරවාරි 10, 2023

    ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ සහ ආරක්‍ෂක අධ්‍යයනයන් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා මග පෑදී ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

    ඊයේ(09) බත්තරමුල්ලේ පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි පැවති “Defence Review 2022” එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසියත

    “Defence Review 2022”, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වාර්ෂික විද්වත් ජාත්‍යන්තර සඟරාව වන අතර, එමගින් ආරක්‍ෂාවට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ කරුණු සාකච්ඡා කෙරේ.

    ආරක්‍ෂක පර්යේෂණ වෘත්තිකයන්ට විවිධ පර්යේෂණවලින් තම වටිනා සොයාගැනීම් ඉදිරිපත් කිරීමට මෙයින් පහසුකම් සැල‌ෙසන අතර, ක්ෂේත්‍රයේ සිටින නවකයන්ට තම දැනුම වැඩි දියුණු කර ගැනීමට දිරිගැන්වීමක්ද වනු ඇති බව ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

    ඉංජිනේරු, නීතිය, භූගෝල විද්‍යාව, විද්‍යාව සහ භාෂා යන ක්ෂේත්‍රවල විද්වතුන් විශේෂිත මාතෘකා පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පාඨකයන් දැනුවත් කිරීමට දරණ උත්සාහය මෙහිදී අගය කළ ආරක්‍ෂක ලේකම්, මෙම කාර්යය සාම්ප්‍රදායික නොවන අවශ්‍යතාවයන් සහ මෙම සියවසේ ජාතික ආරක්‍ෂාවේ සැබෑ අර්ථය පිළිබඳ අවබෝධය සපුරාලන බව ද පැවසීය.

    ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, සම්ප්‍රදායික ජාතික ආරක්‍ෂක සංවාදය දේශීය හා ගෝලීය විශේෂඥ දැනුමෙන් යුත් පුළුල් සහ සහයෝගී වේදිකාවක් බවට පරිවර්තනය කිරීමට මෙමගින් සහාය වනු ඇතැයි ආරක්‍ෂක ලේකම් අපේක්‍ෂා කරයි.

    කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ, කර්තෘවරුන්, පර්යේෂකයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya