මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාව යළි නගාසිටුවීමට බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇත ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

    පෙබරවාරි 10, 2023

    ධීවර සංස්ථාව යළි නගාසිටුවීමට බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ධීවර සංස්ථාවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ අවධාරණය කරයි.

    පසුගියදා(06) ධීවර සංස්ථාවේ සේවක ගැටලු සම්බන්ධව සාකච්ජා කිරීම සඳහා සංස්ථාවේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ධීවර අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ධීවරයාට මෙන්ම රටේ ආර්ථිකයට ද ශක්තියක් විය හැකි සුවිශේෂී ආයතනයක් වන ධීවර සංස්ථාව වසර ගණනාවක සිට වැරදි මාවතක ගමන් කරමින් ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙහිදී පැවසීය. ධීවර සංස්ථාව රටට බරක් නැති ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ජනප්‍රිය නොවන බරපතල තීන්දු ගැනීමට තමා සූදානම් බවත්, එහිදී පක්ෂ පාට හෝ පුද්ගල තරාතිරම් නොසලකා හරින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විටත් ධීවර සංස්ථාවේ පසුගිය අධ්‍යක්ෂක මණ්ඩල වාර්තා, මූල්‍ය ගනුදෙනු , ඇතැම් නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා ආදීය පිළිබඳ පුළුල්ව අධ්‍යයනය කරමින් සිටින බව ද ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා පැහැදිලි කළේය. ඉදිරි කටයුතුවල දී ධීවර සංස්ථා සේවකයන්ගේ සහ සියළු වෘත්තීය සමිතිවල උපරිම සහයෝගය තමා වෙත ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මෙම හමුවේදී වෘත්තීය සමිති ක්‍රියාකාරීහූ ද ගැටළු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ ඉදිරිපත් කළහ. ආයතනයේ දූෂණය පිටු දැකිය යුතු බවත්, සේවක වැටුප් ප්‍රමාදයකින් තොරව ලබා දිය යුතු බවත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය. වැටුප් පමාවකින් තොරව ගෙවීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ද උපදේශකත්වයෙන් සිය මැදිහත්වීමෙන් ඉටුකර ඇතැයි පැවසූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දූෂණය පිටු දකිමින් නව්‍යකරණය හරහා ලාභ ලබන ආයතනයක් බවට ධීවර සංස්ථාව පත්කිරීම තම ඒකායන අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya