මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික පිරිත් සජ්ඣායනා දුම්රිය චාරිකාව 07 වන දා ඇරඹේ

    නොවැම්බර් 29, 2022

    උතුර දකුණ යා කරමින් බෙලිඅත්ත සිට කන්කසන්තුරේ දක්වා වාර්ෂිකව දුම්රියෙන් පිරිත් සජ්ඣායනා කිරීම දෙසැම්බර් මස හත්වන දා හතරවන වරට මෙවරත් පැවැත්වෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී
    (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න මහතා අද 29 පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    දෙසැම්බර් මස 07 වන දා දඹදෙණිය කවුඩුමුල්ල විහාරස්ථානයෙන් මෙම කටයුතු ආරම්භ වී දෙසැම්බර් 08 සිට 12 දක්වා වූ කාල සිමාව තුළ පිරිත් සජ්ඣායනා කිරීම සිදු කෙරෙනු ඇත.

    ඒ අනුව, නවවෙනි දින බෙලිඅත්තට රාත්‍රී පැමිණෙන පෙරහැර 10 වෙනිදා පෙරවරු 6.45 ට බෙලිඅත්ත සිට දුම්රියෙන් ගමන් කිරීමට නියමිතය. එම පිරිත් සජ්ඣායනා කෙරෙන දුම්රිය මාතර දුම්රිය ස්ථානයට පෙරවරු 7.20 ට, ගාල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 8.30ට, කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පස්වරු 1.07 ට ගමන් කිරීමට නියමිත වන අතර කුරුණෑගල දුම්රිය ස්ථානයට පස්වරු 5.05 වන විට ගමන් කිරීමට ද කටයුතු යොදා තිබේ.

    ඉන්පසු එම දුම්රිය 12 වන දින කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.20 ට කන්කසන්තුරේ දක්වා පිටත් වනු ඇත. මෙම කර්තව්‍ය සිදු කෙරෙන දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා වන සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම නවත්වන බවත්, එම දුම්රිය ස්ථාන වල දුම්රිය ස්ථානාධිපතිවරුන් ව මේ පිළිබඳව මේ වන විටත් දැනුවත් කර තිබෙන බව ද හෙතෙම පැවසීය. එමෙන්ම, මේ සඳහා ආධාර උපකාර කිරීමට කැමති සියලු දෙනාට ඒ සඳහා අවස්ථාව තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    උතුරේ සහ දකුණේ ජනතාවගේ සහයෝගිතාවය වර්ධනය කරනු වස් සිදු කෙරෙන මෙම කර්තව්‍ය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සිය සහාය ලබා දෙයි. ශාන්ති පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය කොටපොල අමරකීර්ති නාහිමි, අතිපූජ්‍ය මාතලේ රේවත හිමි මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya