මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිළධාරීන් සිදු කරන දූෂණ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි විභාග කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 29, 2022

    යම්කිසි අමාත්‍යංශයක හෝ අමාත්‍ය කාර්යය මණ්ඩලයක නිළධාරියෙකු හෝ අමාත්‍යංශ නිළධාරීන් හෝ සම්බන්ධව කිසියම් වංචාවක්, දුෂණයක්, අක්‍රමිකතාවයක් සිදු කර ඇත්නම්, ඒ සම්බන්ධව දන්නා හෝ දැන සිටින කුමන හෝ තොරතුරක් ඇත්නම්, ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරයි.

    අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එක්තරා රාජ්‍ය නිළධාරීන් දෙදෙනකු විසින් මිරිස් වගාවක් සිදුකරන මුවාවෙන් අක්කර ගණනාවක වැලි ගොඩ දැමීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කර ඇති තිබෙන බවත් මෙලෙස දූෂණ අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නිළධාරීන් සම්බන්ධව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගේ විමසා සිටියේ ය.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    “නීතිය සැමටම සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු බවට ජනතාවට විශ්වාසයක් ඇතිවිය යුතුයි. එම පැමිණිලි කර විභාග කරන විශේෂ ඒකකයක් පිහිටුවීමට ඉදිරි කැබිනට් මණ්ඩලයක දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya