මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මයට විරුද්ධව ක්‍රියා කරනවා නම්, සිවුර දැම්මා කියා ඉන් විශේෂ ආරක්ෂාවක් ලබා ගත නොහැකියි- ජනාධිපති

    නොවැම්බර් 29, 2022

    ධර්මයට විරුද්ධව ක්‍රියා කරනවා නම්, සිවුර දැම්මා කියා ඉන් විශේෂ ආරක්ෂාවක් ලබා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ප්‍රථම වතාවට සංඝ කතිකාවන් ලියාපදිංචි කිරීම සඳහා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහාද අනුමැතිය ලබා දුන් බව ජනාධිපතිවරයා පැවසීය. විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සයවැනි වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට  එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ධර්මය ගිහි පවැදි සියල්ල පිළිපැදිය යුතු බවත් ධර්මයෙන් ජීවත්විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා,ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන බවද කීවේ ය.

    සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකළාම ප්‍රශ්න ගණනාවක් ඇති වෙන බවත් මෙහි යම්කිසි පාලනයක් සිදු විය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. එම නිසා පළමුවරට කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දී තිබෙන්නේ. එය නීති සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු සභාවට යොමු කරනවා. යම් කිසි පාලනයක් තිබිය යුතුයි.අතීතයේ ඒ පාලනය කළේ රජතුමයි. සංඝරත්නය මෙහි විනය කටයුතු භාරගන්න තියෙනවා.මේ කෙටුම්පත සම්මත වුණාම,පළමු වරට කතිකාවන් තුනක් තිබෙනවා. ඒ නිසා මේ කෙටුම්පත වුවමනයි. මේ කාරණා පිළිබඳව දීර්ඝ වසහ්යෙන් සාකච්ඡා කළ යුතුව තිබෙනවා.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    මම අවධානය යොමු කළේ, විශ්ව විද්‍යාල වල සිටින භික්ෂූන් වහන්සේ ගැන. ඇතැම් භික්ෂූන් වහන්සේ නමක් මම දැක්කා මල්වතු මහනායක හිමියන්ට බනිනවා. අද පැවිද්දන් වශයෙන් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට ඇතුළ් වෙනවා. නමුත් ඔවුන් පිටවෙන්නේ ගිහියන් හැටියට.උපාධියත් පැවැදිකමින් ලබාදෙන්නම්.ආපසු මාරු කරන්නේනෑ. එය කතා කරගන්න් ඕන තමන්ගේ මහනායක ස්වාමින් වහන්සේලා සමගයි. විශ්වවිද්‍යාලවල හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළ යුතුයි. ඒ වැඩ කටයුත්ත භාර දෙන්නම්. මේ ක්‍රමවෙදය ගියොත් ශාසනය නැතිවෙන්නේ.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ, එක් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 60ක වියදමක් දරණ බවයි. එසේ වෛද්‍යවරු බවට පත් වී පළපුරුද්ද ලබා ගත් පසු පුහුණු වෛද්‍යවරු විදේශ රටවලට යාම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ සඳහා සියළු දෙනා එක්ව විසඳුම් සෙවිය යුතු බවද කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya