මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සිසුන්ගේ පරමාර්ථය විය යුත්තේ හැකි ඉක්මනින් සමාජගත වී තම වගකීම බාර ගැනීමයි

    නොවැම්බර් 29, 2022

    විශ්වවිද්‍යාල සිසුන්ගේ පරමාර්ථය විය යුත්තේ හැකි ඉක්මනින් සමාජගත වී තම වගකීම බාර ගැනීම බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ලෝකයේ බොහෝ සංවර්ධිත රටවලද විශ්ව විද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ බඳු මුදලින් නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකික සිසුන් ලද මහත් භාග්‍යයක් බවද, එබැවින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මූලික පරමාර්ථය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් අවසන් කොට සමාජයේ ඔවුන්ට හිමිව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බවද පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    තවද, විශ්ව විද්‍යාල සිසුන් නියමිත කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා මඟහැරී යන බවත්, විශ්ව විද්‍යල සිසුන්ට නොමිළේ විභාග සඳහා පෙනී සිටීමට ලබා දෙන අවස්ථා ගණන සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විද්‍යාල එක්ව ඉදිරියේදී තීරණය කළ යුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya