මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතුයි

    නොවැම්බර් 29, 2022

    රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විදේශ විනිමය අර්බුදය ජයගැනීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු තත්වයක් බවත්, ගෝලීයකරණය යටතේ ලොව කිසිදු රටකට තනිව දියුණු වීමට නොහැකි බවත්, සෑම රටක්ම තවත් රටවල් සමඟ ගිවිසුම්ගතවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු තත්වයක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේ ගිවිසුම්ගතවීමේදී අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි සහිතව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya