මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වෙනුවෙන් රජය අඛණ්ඩව ප්‍රතිපාදන වෙන් කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 29, 2022

    ඖෂධ වෙනුවෙන් රජය අඛණ්ඩව ප්‍රතිපාදන වෙන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාරව නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඖෂධ මිල ගණන් තීරණය කිරීම සිදු වන්නේ මිල කමිටුවක් මගින් ද බව හෙතෙම සඳහන් කළේය.

    වෛද්‍යවරු විදෙස් ගත වීම සම්බන්ධයෙන් පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේ දී නිසි අවසරයකින් තොරව විදෙස් ගත වන වෛද්‍යවරු සේවය හැර ගියා සේ සළකා අසාදු ලේඛන ගත කිරීමට ද කටයුතු කරන බවයි.

    පසුගිය මාස 08 තුළදී පමණක් වෛද්‍ය වෘත්තිකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

    මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම කඩා වැටීමට ඉඩ ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වෛද්‍යවෘත්තිකයින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රඳවා ගැනීමට රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. විධිමත්ව සහ නිසි අවසරයක් සහිතව වෛද්‍යවරුන්ට විදේශ ගතවීමට අවස්ථාව ලබා දී ඇත. වෛද්‍ය නිලධාරින් සඳහා වසර 05ක් විදෙස් රැකියාවන්හි නිරත වීමට ද අවසර ලබා දී තිබේ.

    මාණ්ඩලික නිලධාරින් බැවින් වෛද්‍යවරු විදෙස් ගත වීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ අවසරය ලබා ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් සේවය අතහැර ගියා සේ සළකන බවද කීය.

    මහනුවර පිළිකා රෝහලේ වායුසමීකරණ යන්ත්‍රය සඳහා මුදල් ගෙවා එම ගැටළුව විසඳා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya