මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 29, 2022

    වෙළඳපළේ  කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රජය සෑම විටම ආනයනකරුවන් අනවශ්‍ය අපහසුතාවයට ලක් නොකර කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    නවසීලන්තයේ සිට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් මෙලෙස රේගුවේ රඳවා තබාගෙන ඇත.අදාළ සමාගම දින 15ක් යන තුරුත් මෙම කිරිපිටි තොගය රේගුවෙන් නිදහස් කරගෙන නොමැත. ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya