මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා- විදේශ කටයුතු ඇමැති

    නොවැම්බර් 29, 2022

    ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන මුදල් දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී (28) ප්‍රකාශ කළේය.

    ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඉන්දියාව සහ චීනය සහාය දීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ සහන ලබා ගැනීම ඔස්සේ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන රැසක් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ඉදිරි කාලයේ දී උදව් ලබාදීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසුවේය.

    අයවැය තැන්වැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා;

    රටක විදේශ ප්‍රතිපත්තිය යනු රටක කැඩපත වෙනවා. රටේ තිබෙන වැලියුස් ටික හදා ගත්තොත් තමයි එළියට ගිහිං ලංකාව ගැන කිව හැක්කේ. මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. චීනය, ඇමරිකාව, මැද පෙරදිග රටවල්, එංගලන්තය සියලු රටවල් අපට වැදගත්. ගෝලීය තත්ත්වය යටතේ අපට තනිවම ජීවත් විය නොහැකියි. ලංකාව ගැන හිතලා තමයි අපි තීරණ ගන්නේ. අපි කාගේවත් යෝජනා ඔවුන්ගේ උවමනාවන්ට අනුව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ලංකාවේ ස්වෛරීත්වයට හානි වන ලෙස කටයුතු කරන්නේ නැහැ. අපි හැමදෙනාටම මිතුරන්. සතුරන් විදියට අපි කටයුතු කරන්නේ නැහැ. රටට වඩාත් සුදුසු නිවැරදි දේ කරනවා. ඉන්දියාව වගේ විශාල රටක් අසල්වාසි වන විට අපට වාසි රැසක් අත්පත් කර ගත හැකියි.

    පස්වැනි ආර්ථිකය බවට ඉන්දියාව ලබන වසරේ පත්වීමට නියමිතයි. ලංකාව විදියට අපි ඉන් ප්‍රයෝජන ගන්න විදිය සිතිය යුතුයි. කොවිඩ්වලදී මළ දේහ පිළිස්සිය යුතු බවට ගත් තීරණය ගැන විවිධ චෝදනා එල්ල වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය කරනවා නම් අපි නොකරන්නේ ඇයි කියලා ප්‍රශ්න කළා. මාධ්‍ය මඟින් මේ ප්‍රශ්නය දිගටම ඇදගෙන ගියා. අවසන් විදියට මෙමඟින් වුණේ මැද පෙරදිග නැති කර ගත්තා. මේ සංකීර්ණ ලෝකයේ අපට තනිවම ජීවත් විය නොහැකියි. මිලියන 1.5 ලෝකයේ ජීවත් වෙනවා. ඔවුන්ගෙන් මිලියනයක් පමණ ජීවත් වන්නේ මැද පෙරදිග. ඔවුන් නිසා රටට ආදායමක් ලැබෙනවා. විදේශ අමාත්‍යාංශයට පමණක් රට ගොඩනැගිය නොහැකියි. සියලුදෙනා එක් විය යුතුයි.

    පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් තානාපති කාර්යාල සඳහා ලබාදී තිබෙනවා. මේ වසරේදී දැනට ඇමරිකානු ඩොලර් මිලියන 24.7 ක් ලබාදී තිබෙනවා. පසුගිය කාලය තුළදී තානාපති කාර්යාල සඳහා ලබාදුන් මුදල් සියයට 50 කින් කප්පාදු කර තිබෙනවා. නමුත් තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් කැපවීමෙන් කටයුතු කරනවා. විදේශ සේවයට වෘත්තීයම බවක් ලබාදීමට කටයුතු කරනවා. 12 ක් තානාපතිවරුන් විදියට බඳවා ගන්නවා. සේවා පදනම යටතේ තමයි ඔවුන් තානාපතිවරුන් වන්නේ.

    දේශපාලන බලපෑම් ඒ සඳහා නැහැ. විදේශ සේවයට 264 ක කාඩර් එකක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබෙනවා. නමුත් 166 ක නිලධාරීන් පිරිසක් තමයි සිටින්නේ. 2018 සිට බඳවාගෙන නැහැ. මේ අඩුපාඩුත් සමඟ තමයි අපි වැඩ කරන්නේ. උතුරු නැගෙනහිර පළාතේ 303 ක් කැනඩාවට යන බවට බොරුවට එක්කගෙන ගිහිං. දැනට සිටින්නෙ මුහුද මැද. ඔවුන්ගේ ජීවිත බේරා ගත්තා. ගොඩබිමට ගෙන්නා ගත්තා. වියට්නාම රජය ඒ සඳහා අපට උදව් කළා. 85 ක් එන්න කැමති බවට ප්‍රකාශ කර තිබෙනවා. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. චීනය හා ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට පැරිස් සංගමය උදව් කරනවා. වොෂිංටන්වලට ඔවුන් පැමිණ සිටිනවා අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කරන්නට. ඉන්දියාව හා චීනය ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමට අපට උදව් කරන බවට මට විශ්වාසයක් තිබෙනවා. දෙසැම්බර් හෝ ජනවාරිවල මුදල් ලබා ගැනීමට හැකිවේවි. ඒ හරහා ලංකාව ගැන විශ්වාසයක් ඇති කර ගත හැකියි.

    ආසියානු සංවර්ධන බැංකුව එහෙමත් ඒ ඔස්සේ අපට උදව් කරාවි. ජනාධිපතිවරයාට යම් කාලයක් ලබාදිය යුතුයි ඔහුගේ වැඩ කටයුතුවලට. මේ අවස්ථාවේ පටු දේශපාලන අරමුණු ගැන නොසිතා රට ගැන සිතිය යුතුයි. ආසියාවේ දකුණු කොරියාව, මලාවි හැරුණම අපට විරුද්ධව ජිනීවාවලදී ඡන්දය දුන්නේ නැහැ. අපේ පැත්තෙන් වී ඇති අඩුපාඩු සකස් කර ගත යුතුයි. ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට දිගටම සාකච්ඡා පවත්වනවා. විදේශ රැකියා අමාත්‍යාංශය සමඟ කටයුතු කරන නිසා 280000 ක පිරිසක් මේ මාස 11 තුළ යවා තිබෙනවා. ලබන මාසය තුළ මනූෂ, හරීන් ඇමැතිවරු සමඟ එක්ව සංචාරක කටයුතු වැඩිදියුණු කරන්න කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya