මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් පුද්ගලයන් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම බිල්ලෙක් විදියට දකිනවා - රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

    නොවැම්බර් 25, 2022

     රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ හොඳම උදාහරණයක් ලෙස විදුලිබල මණ්ඩලයට අයත් ලෙකෝ ආයතනය හඳුන්වා දී ඇතැයි විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    2023 අයවැය , කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද (25) , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඇතැම් පුද්ගලයන්  ආයතන ප්‍රතිව්‍යහගත කිරීම බිල්ලෙක් විදියට දකිනවා. ලෙකෝ ආයතනය අද වනවිට වාර්ෂිකව රුපියල් මිලියන 2000 ක විතර ලාභයක් උපයා දී තිබෙනවා. 2021 වසරේ පමණක් ලෙකෝ ආයතනය භාණ්ඩාගාරයට මිලියන 970ක ගණනක ලාබයක් උපයා දී තිබෙනවා.

    වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ලබන වසරේ විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මීට මාස තුනකට පෙර සිට ආරම්භ කළ බවයි.

    එහෙත් ගල් අගුරු ගනුදෙනුව සම්බන්ධයෙන් ඇතැම් විවිධ චෝදනා එල්ල කරන බවත් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දිනෙන් දින පස්සට යවමින් නැවතත් රට අඳුරේ තැබීමට ඇතැම් පිරීසකට උවමානා වි ඇතැයිද කීය.

    ලබන වසර සඳහා අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ගල් අගුරු නැව් 38 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එළඹෙන වාරකන් වලට කළින් 2023 වර්ෂයේ අප්‍රේල් මාසයට පෙර මෙම කටයුතු නිම කළ යුතුයි. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ගියාම එමගින් වාසියක් ලබා ගැනීමට ලිපි ලියූ අය, ස්වාමින වහන්සේලා පවා සිටියා. නිලධාරින් බිය වද්දන්න එපා,බිල්ලෝ මවන්න එපා, පොත පාඩම් කරන ළමයාට ,ඇගලුම් කර්මාන්ත වල සේවය කරන අයට සහ මෙරටට එන සංචාරකයන් වෙනුවෙන් විදුලිය ලබා දෙන්න අපි බැඳී සිටිනවා.

    ඒ නිසා තමයි මීට මාස තුන හතරකට පෙර සිටි මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළේය. මෙරට විදුලි පාරිභෝගිකයන් හැත්තෑපන් ලක්ෂයක් සිටින බවත්, වාර්ෂිකව විදුලිය නිෂ්පාදනය සඳහා විශාල වියදමක් දරන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලය වාර්ෂිකව බිලියන 800කට වඩා මුදලක් විදුලිය නිෂ්පාදනය කිරීමට වැය කරන බවද පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya