මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ජනගහනයෙන් 60%කට ආසන්න ජනතාවකට පානීය ජලය ලබා දී අවසන්- ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 25, 2022

    රටේ සමස්ත ජනගහනයෙන් 60%කට ආසන්න ජනතාවකට, පානිය ජලය ලබා දී අවසන් බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

    2023 අයවැය , කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද , ජලසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රටේ සමස්ථ ජනතාව අතර පානීය ජලය සමානව බෙදිය යුතු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ප්‍රජා නිලධාරින් බඳවා ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බවද කීය.

    නාගරික ප්‍රදේශයන්හි  99.2% සහ වතු ජනතාවගෙන් 32%කට මේ වන විට පානීය ජල පහසුකම් ලබා දී තිබේ. වසර 2025 දී මේ රටේ සමස්ත ජනගහණයට පානීය ජලය ලබා දීම රජයේ ඉලක්කය බවද සනත් නිශාන්ත මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya