මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්යාල ප්‍රවාහන සේවයට සහ පාසල් ප්‍රවාහන සේවයට ලබාදෙන ඉන්ධන කොටාව ඉහළට

    නොවැම්බර් 25, 2022

    පොහොර, ඉන්ධන, ගල් අඟුරු , ඖෂධ ,අත්‍යාවශ්‍ය ආහාර, ගෑස්,සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරන්න...

    අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් මෙම විදුලි මිල ගණන් සංශෝධනය විය යුතුයි...

    ත්‍රී රෝදරථ සහ බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන කෝටාව වැඩි කළ ආකාරයට, ඉදිරියේදී පාසල් බස්රථ සහ කාර්යාල මගීන් ප්‍රවාහනය කරන වාහන සඳහා ද , ඉන්ධන කෝටාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

     

    2023 අයවැය , කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද(25) , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කුමන රජයක් යටතේ වුවද ඉදිරියේදී නැවතත් විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කවුරු මේ රටේ ආණ්ඩු කළත් නැවත මේ රටේ විදුලි බිලි සංශෝධනය කිරීමට සිදු වෙනවා. නැතුව මේ ගමන ඉදිරියට යන්න බැහැ. ලබන ජනවාරියේ සිට සංචාරක කළාප 17ක් ඉලක්ක කර ගනිමින්, එම සංචාරක කළාප තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද කීය. එළඹෙන වසරේ මාද වන විට මෙම අර්බුද විලින් 80%ක් අඩු කර ගත හැකි වනු ඇතැයිද කීය.

    අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් මෙම විදුලි මිල ගණන් සංශෝධනය විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. සෑම වසරකම ජනවාරි ජූනි මාස වල මෙලෙස විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසු යැයිද හෙතෙම සඳහන් කළේය.

    පොහොර , ඉන්ධන, ගෑස්, විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය සේවා නිලධාරියෙක් පත් කළ යුතු යැයිද කංචන අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබීමට නියමිත පාවෙන විදුලි පැනල floating solar panel පාර්ලිමේන්තුව ,සෙත්සිරිපාය ඇතුළු රජයේ ආයතන කිහිපයක සවීකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 82කගේ විදුලි බිල සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයි බලශක්ති අමාත්‍යවරයා කිය

    මාස කිහිපයකට පසුව අද වන විට අඛන්ඩව විදුලිය ලබා දීමට නොහැකි වුවත් විදුලි කප්පාදුව අඩු කරන්න හැකියාව ලැබී තිබෙනවා.මෙම තත්වය කළමනාකරණය කරන්න සහාය වූ ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු දෙනාටම අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.

    විදුලි බිල අද සියළු දෙනාටම වැඩි වෙලා තියනව. වසර 09කට පසුව තමයි විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ. අවසන් වරට විදුලි බිල වැඩි වූයේ 2013දීයි. පසුගිය සමයේ විදුලිය සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිය නොගැනීම නිසා අද මෙම තත්වයට මුහුණ දී තිබෙනවා. ජනතාවට අවශ්‍ය විදුලි ජනන සැළසුම නිසි පරිදි ලබා දිය යුත්තේ මහජන උපයෝගිතා කොමිසම බවත් එහෙත් එම කොමිෂන් සභාවේ කාර්යය නිසි පරිදි ඉටු වී නැතැයිද අමාත්‍යවරයා චෝදනා කළේය.

    අද මෙම විදුලි අර්බුදය නිසා කර්මාන්ත වැහිලා තියෙන්නේ, ප්‍රවාහනය ඇණ හිටලා තියෙන්නේ. එමනිසා කුමන රජයක් සිටියද මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. තවත් මාස කිහිපයක් මේ විදියට කළමනාකරණය කරගෙන යන්නවෙනවා. අද ත්‍රී රෝද 65,000කට ආසන්න ප්‍රමාණයකට ලීටර 05 ඉන්ධන කෝටාව, ලීටර් 10 දක්වා වැඩි කර තිබෙනවා. බස් රථ 17,000කට පවතින කෝටා එකට වැඩිය ඉන්ධන ලබා දෙන්න කටයුතු කරනවා. සෞඛ්‍ය අංශය පිළිබඳව සංවේදී කටයුතු කරමින් විදුලි බිල සංංශෝධනය නොකරන්නැයි උපදේස් ලබා දී තිබෙනවා. වෙහෙර විහාර 134 කට විදුලි බිල් ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya