මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා වැඩසටහන සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ගුරුවරු 13,000ක් පුහුණුවට

    නොවැම්බර් 25, 2022

    පළමු ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා වැඩසටහන සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ගුරුවරු 13,000ක් ඉදිරි මාස තුන තුළදී පුහුණු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

    අධ්‍යාපනයේ පරිවර්ත යුගයකට යාම ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම වැඩසටහන බ්‍රිටිෂ් කවුන්සිල් වැනි ආයතනයන්හි සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය

    නව පාසල් වාරය එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර අලුතින් පළමු ශ්‍රේණියට එන දරුවන් වෙනුවෙන් මෙම භාවිත ඉංග්‍රී සි (practical English) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya