මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට සියලු දෙනා එක්වන්න- වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 25, 2022

    මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට පක්ෂ,විපක්ෂ සියලු දෙනා මෙන්ම ආරක්ෂක අංශ ද එක්විය යුතු බව වැවැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    අද (24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් වැඩබලන අමාත්‍යවරය මේ බව පැවසීය.

    පසුගිය මැයි නවවැනිදා ඇතිවූ සිදුවීමේදී මන්ත්‍රීවරු 75 දෙනකු නිවාස වලට හිරකර ඝාතනය කිරීමට සැළසුම් කර තිබූ බව ද වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

    අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම උත්සාහය ව්‍යර්ථ වූ බවත් මෙය මුළුමනින්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවද ඇමතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාශය අතිශය වැදගත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම හා විනය ආරක්ෂා කිරීම ඒ තුළ අන්තර්ගත බවද ඇමතිවරයා පැවසීය.

    අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

    ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි වාග් ප්‍රහාර එල්ලකර තිබෙන ආකාරය අපි දැක්කා.එතුමාගේ කතාව තුළ තිබෙන්නේ කුමක්ද. එතුමාගේ සම්පූර්ණ කතාව තුළ තිබෙන්නේ විනය ආරක්ෂා කරන්න කියන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යන්න එපා කියලා. අපේ රටේ නිතියක් තිබෙනවා. නීතියෙන් පිට සිදුකරන දේවල් වලින් පසුව සිදුවන්නේ මොනවාද. මැයි නවවැනිදා ඇතිවූ සිදුවීම් එක්ක එක පැත්තකින් ජීවිත නැතිවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා.

    ඒවට සම්බන්ධ අය මියගියා. රජයේ දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුණා. පෞද්ගලික දේපල මගේ නිවස ඇතුළු නිවාස 815 ක් විනාශ කළා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 දෙනාගේ පමණක් නෙවෙයි, ප්‍රාදේශීය සභා, පළාත් සභා ආදි වශයෙන් වූ ප්‍රාෙද්ශීය දේශපාලකයින්ගේ නිවාස විනාශ කලා. මන්ත්‍රීවරුන්ට සහය දක්වන අයගේ හිතු හිතුනු හිතුනු විදිහට දේපල හානි කළා.මේ අය සැළසුම් කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75 ක් ගෙවල් වලට කොටුකර මරා දැමීමටයි මේ අය සැළසුම් කර තිබෙන්නේ.ඒක ව්‍යර්ථ වුනා . මැයි නවවැනිදා අරගල භූමිවල ඇතිවූ කලබලකාරි තත්ත්වය නිසා එය ව්‍යර්ථ වුනා.ඒ නිසා සැළසුම සැළසුම් කළ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට බැරිවුණා. සම්පූර්ණ ත්‍රස්තවාදි ක්‍රියාවක්.


    අරගලය අයගේ අරමුණ වුනේ ලොකු විනාශයක් සිදුකිරීමයි. සිදුවූ හානියට වන්දි ගෙවන්නේ කව්ද.සමහර දේවල් වලට වන්දි ගෙවන්න පුළුවන් වෙයි. මගේ නිවස තුළ තිබුණ මම ජාත්‍යන්තර වශයෙන් දිනාගත්ත දේවල් විනාශ කළා. ඒ දේවල් නැවත ලබා ගන්න පුළුවන්ද. නැවත මේ වගේ දේවල් සිදුකළොත් අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන බව ජනාධිපතිවරයා කිව්වා. ඒක විය යුතුයි.

    ආරක්ෂක අංශ සඳහා වෙන්කළ මුදල වැඩියි කියලා චෝදනා කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ ත්‍රිවිධ හමුදාව විතරක් නෙවෙයි. යුද්ධය හේතුවෙන් වීරෝදාර රණවිරුවන් විශාල පිරිසක් මියගියා. ඒ පවුල් බලාගන්නේ කව්ද. රජය විසින්. මගේ සහෝදරයෙකුත් ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළා.ඒ වගේ කී දෙනෙක් මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළාද. විශ්‍රාමික රණ විරුවන් වෙනුවෙන්, වැන්දඹු අනත් දරු, පුරුෂ අනත්දරු ආදි වශයෙන් බොහෝ පිරිසකට විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන්කළ යුතුයි. මේ අය වෙනුවෙනුත් මුදල් වෙන්කරනවාට විපක්ෂය විරුද්ධයි.

    නමුත් මහලොකුවට එළියෙදි රණවිරුවො ගැන කතා කරනවා. මත්ද්‍රව්‍ය අද විශාල ප්‍රශ්නයක්. තරුණ පරපුර විශාල වශයෙන් ගොදුරු වෙනවා. ජනාධිපතිවරයාගෙන්, විෂය භාර ඇමතිවරුන්ගෛන් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය උවදුර පාලනයට මැදිහත් වෙන්න කියලා.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya