මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාසික වැටුපෙන් ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවස්ථාවක්

    නොවැම්බර් 24, 2022

    මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    මහ බැංකු ශ්‍රවණාගාරයේදී අද(24) පැවති මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී පුද්ගලික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහත්මිය මේ බව පැවසීය.

    මහ බැංකුව මේ සම්බන්ධයෙන් බැංකු කිහිපයක් සමග සාකච්ඡා කළ බවත්, මාසික වැටුපෙන් ණයගෙවන පිරිස සම්බන්ධයෙන් සාමාන්‍ය පොලී අනුපාතයකින් ණය ප්‍රතිව්‍යුහගතකර ගෙවීම‍ට මේ වන විටත් සූදානම් කර තිබෙන බවත්, නියෝජ්‍ය අධිපතිවරිය පැවසීය.

    එයට අවශ්‍ය පුළුල් මාර්ගෝපදේශය සෑම බැංකුවකටම මහ බැංකුවෙන් ලබා දී ඇති බවද ඇය පැවසුවාය.

    බැංකුවලින් සහ ගනුදෙනුකරුවන්ගෙන් අපිට ඉල්ලීමක් කරන්න තිබෙන්නේ ඔබට යම් අපහසුතාවයක් තිබෙනවා නම් මේ වෙලාවේ මුදල් ගෙවන්න ඒ සම්බන්ධයෙන් බැංකු සමඟ සාකච්ඡා කරන්න.''යැයි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ''යම් කෙනෙකුට ඒක සිදුවෙන්නේ නැත්නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඉල්ලීමක් කරන්න පුළුවන්.''යනුවෙන්ද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya