මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොරොත්තු ලේඛණයේ පිරිස තෝරා ගැනීමේ දී සමෘද්ධි ලබාගැනීමට සුදුසු බව හොඳින් සොයාබලනවා

    නොවැම්බර් 22, 2022

    සමෘද්ධිලාභීන් සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආර්ථීක ස්ථාවරත්වයට පත්වීම හේතුවෙන් වසරක් තුළ සමෘද්ධිලාභින් විසි පන්දහසකට වැඩි ප්‍රමාණයක් සමෘද්ධිලාභිත්වයෙන් ඉවත්වන බවත්, පොරොත්තු ලේඛණයේ සිටින පිරිස තෝරා ගැනීමේදී ද සමෘද්ධි ලබාගැනීමට සුදුසු බව හොඳින් සොයාබලා ලබාදීමට කටයුතු කරන බවත්, සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (22) පැවති සමෘද්ධි, වකුගඩු හා ආබාධිත ආධාර සහ වැඩිහිටි දීමනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරාගැනීමේදී සුදුසු පුද්ගලයන්ට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    එසේ වුවද සමෘද්ධි සහනාධාරයට ඉල්ලුම් කරන පිරිස සම්බන්ධයෙන් සොයා බැලූවිට එය ලබාගැනීමට නුසුදුසු අය සිටින බවත්, දැනටමත් ලබාගන්නා සහ ඉවත්විය යුතු පිරිසෙන් සමහර අය ඉවත්වීමට මැලිකමක් දක්වන බවත්, බන්දුල තිලකසිරි මහතා පැවසීය.

    එම නිසා ඉල්ලුම් කරන පිරිස සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය මගින් තොරතුරු රැස් කරමින් සිටින බවත්, ලංකාව පුරාම ඉල්ලුම් කර තිබෙන පිරිසෙන් සුදුසු අය තෝරාගැනීමට එය ඉවහල් වනු ඇති බව තමන් විශ්වාස කරන බවත්, එයින් අනතුරුව මෙය ක්‍රියාත්මක වන්නේ කුමන ආකරයකට යන්න බලාගැනීමට හැකියාව ඇති බවත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ජීවනෝපාය අහිමි වූ හෝ අඩු ආදායම්ලාභීන් වන පවුල් ලක්ෂ 17ක් මාසිකව ඔවුන්ට හිමි දීමනා ලබාගන්නා බවත්, පොරොත්තු ලේඛණය ලෙස ඉල්ලුම් කළ පිරිස පවුල් හත් ලක්ෂ තිස් දහසක් පමණ වන බවත්, ඒ අනුව සියලු පිරිස පවුල් ලක්ෂ 24ක් පමණ වන බවත්, නීතිඥ බන්දුල තිලකසිරි මහතා පැවසීය.

    ඒ අනුව පවුලේ සාමාජික සංඛ්‍යාව හතරක් හෝ හතරකට වැඩි නම් මසකට රුපියල් 4500ක දීමනාවක් හිමිවන බවත්, තිදෙනෙකු නම් රුපියල් 3200ක දීමනාවක් සහ තිදෙනෙකුට අඩු නම් රුපියල් 1900ක දීමනාවක් මාසිකව ස්ථීර වශයෙන්ම ඔවුන්ට හිමි වන බවත්, රුපියල් බිලියන 5300ක පමණ ප්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් රජය වැය කරන බවත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

    මාසිකව ණය පොළී අනුපාතය 24%ක් පමණ වුවද සමෘද්ධි බැංකු යටතේ ලබා දෙන ණය පොළී අනුපාතයන් තවමත් ලබා දෙන්නේ සාපේක්ෂව අඩු පොලී අනුපාතයක් යටතේ බවත්, ඒ අනුව ජීවනෝපාය සංවර්ධන ණය පොලී අනුපාතය ඇත්තේ 10% - 15%ත් අතර පමණක් බවත්, නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසයි.

    සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතය ඇත්තේ ඉහළ අගයක නමුත් මෙම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියේ පොලී අනුපාතය අඩු අගයකින් පවත්වාගෙන යන බවත්, තවදුරටත් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, සමෘද්ධිලාභින් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට ලක්ෂ 05 බැගින් ණයක් ලබාගැනීමට හැකි බවත්, සමෘද්ධිලාභීත්වයෙන් ඉවත් වීමට කැමති කෙනෙකුට 4%ක පොලී අනුපාතය යටතේ ඔවුන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගෙන කිසියම් ස්වයං රැකියාවක් හෝ සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එයින් ඉඩකඩ ලැබෙන බවත්, නීතිඥ බන්දුල තිලකසිරි මහතා පැවසීය.

    ඒඅනුව ඔවුන්ට අදාළ ණය ලබාගැනීමෙන් පසුව සාමාන්‍ය සහනාධාර නොලබා සමෘද්ධිලාභියෙකු ලෙස තවදුරටත් සිටීමට හැකිි බවත්, මෙම ණය ගෙවීමට අපහසු හෝ කල් අවශ්‍ය නම් ඒ සම්බන්ධ සියලු වැඩ කටයුතු සූදානම් කර තිබෙන බවත්, තිලකසිරි මහතා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya