මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයට චෝදනා එල්ල කළත් විකල්ප වැඩපිළිවෙළ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමට විපක්ෂය අපොහොසත් වෙලා

    නොවැම්බර් 22, 2022

    විපක්ෂය මෙම අයවැයට චෝදනා එල්ල කළත් ඔවුන්ගේ විකල්ප වැඩපිළිවෙළ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     මෙම අයවැය ජනප්‍රිය අයවැයක් නොවන බවත් එහෙත් මේ ඔස්සේ ඉදිරි අනාගතයේ ආර්ථිකය සඳහා අඩිතාලමක් දමා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයින් විශාල වශයෙන් බඳවා ගැනිම , බදු අඩු කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම වැනි චෝදනා විපක්ෂය විසින් රජය වෙත එල්ල කළා. එම චෝදනා වලට පිළිතුරු මෙම අයවැයේ ඇතුළත් කර තිබෙනවා.ඉන්ධන පෝලිම ගෑස් පෝලිම අද අවම කර තිබෙනවා. අද ජනතාවට විශාල බරක් තියෙනවා .එය අපි පිළිගන්නවා.ජීවන වියදම විශාල වශනේ ඉහළ ගොස් තිබනෙවා. සියළු දෙනාම එහි වගකීම ගත යුතුයි.

    උදාහරණයක් ලෙස විදුලි බල මණ්ඩලය පාඩු වෙන්න හේතු මොනවාද? විදුලි බල මණ්ඩලයේ , 2013 සිට විදුලි බිල සංශෝධනය වූයේ නැහැ. ඒ නිසයි ජනතාවට අද විශාල බරක් වැටිලා තිබෙන්නේ.

    විදුලිබල අමාත්‍යංශය පසුගිය, මාස 06 ක තිබූ තැන සිට අද යම් වර්ධනයක් ලබා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මිල සංශෝධනය කළ පසු අද වන විට ඛනිජ තෙල් සංස්ථාව අලාභ නැතිව දුවන තත්වයකට පත්ව ඇතැයිද බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ හා තරගකිරීමට හවුල් සමාගම් සහ පෞද්ගලික අංශයට ඉඩ දිය යුතු යැයිද අමාත්‍යවරයා කිය.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යහගත විය යුතුම බව ද බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කළ යුතුම බවත් එසේ නැතහොත් එම බරද මෙරට ජනතාවට දැරීමට සිදු වනු ඇතැයි ද බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි 100 පාවිච්චි කරලා කිසිදු ලාභයක් ගන්න අද වන තුරු නොහැකි වුණා. අදානි සමාගම නැගෙනහිර පර්යන්තයට ආයෝජනය කරන්න ආවම ඒකට ගහල පැන්නුව. මේක තියාගෙන හිටියට වැඩක් නැහැ. මේක සංවර්ධනය විය යුතුයි.

    සංචාරක ව්‍යාපාරය නැග ගෙන එන විට උද්ඝෝෂණතියල වට කරනවා. කිසිම ආයෝජකයෙක්ට එන්න දෙන්නේ නැහැ. මේ නිසා තමයි විශාල පිරිසක් රට අතහැරලා යන්නේ. මේ රටේ හොඳට ජීවත් වෙන්න පුළුවන් පිරිස් දැන් මේ රට අත හැර යන්න පටන් අරන්, ඔවුන්ට පේනවා මේ රට අස්ථාවර කරන්න හදන උත්සාහය''යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya