මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම මෙවර අය වැයෙන් පෙන්වා දුන්නා

    නොවැම්බර් 22, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම මෙවර අය වැයෙන් පෙන්වා දී ඇතැයි,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    එම නිසා සංශෝධනයන්ට යටත්ව සියලු දෙනාගේ සහයෝගය මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ලබා දීම වැදගත් බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    අද(22) අයවැය දෙවන වර කියවීමේ අවසන් දින විවාදයට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    මේ හැමදේම අපි තේරුම්ගත යුතු වන්නේ පවතින ගෝලීය ආර්ථික හා දේශපාලන යථාර්ථය සමඟයි. එවැනි උපාය මාර්ගික සැළැස්මක ගමන් කළොත් විතරයි අපට සුබවාදී අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නෙ. ඇතැම් පුද්ගලයන් ජනප්‍රිය පැත්තෙ ඉඳගෙන ප්‍රශ්න විචාරය කරමින් වීරයෝ වගේ ඉන්නා බවත් අපට එවැනි වීරත්වයකින් වැඩක් නැතැයි ද මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කිය. ප්‍රශ්න අභියෝගවලදිත් ඒවාට මුහුණ දෙන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි මේ මොහොතෙ කියලා ජනතාව ඇතෑරලා පැනලා ගියේ නෑ. එහෙම යන්නෙත් නෑ.

    අපි රට භාර ගත්තෙ, මම කලින් කිවුවා වගේ මහ ණය කන්දරාවක් එක්ක. එහෙම අරගෙන අද වෙනකනුත් අපි දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය සහය දීලා තියෙනවා. ඉදිරියටත් එහි වෙනසක් වෙන්නෙ නැති බව මෙම සභාවට මතක් කරන්න කැමතියි'' යැයි ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya