මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන හෝ ඉල්ලීමක් කර නෑ- අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 22, 2022

    ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන හෝ ඉල්ලීමක් කර නොමැති බවත්, රජය මේ මොහොතේ කරමින් සිටිනුයේ මැතිවරණ ක්‍රමයට කළ යුතු සංශෝධන හැකි ඉක්මනින් කර නියමිත දිනට  මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මැතිවරණය කල් දැමීමට රජයේ යම් අවශ්‍යතාවයක් ඇත්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදයේ සහ මැතිවරණ ක්‍රමයේ යන දෙකෙහිම අඩුපාඩු තිබෙන බව පත්කර තිබෙන සීමා නීර්ණය කොමිසම විසින් පෙන්වා දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් පාලන මැතිවරණය පවත්වන විටදී එය හොඳින්ම පෙනෙන්නට තිබෙන බවත්, පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු 7800ක් පමණ සිටින බවත්, මීට පෙර එය 4000 පමණක් වූ බවත්, එය 100%කින් වැඩිවී තිබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් කමිටු කිහිපයක් පත් කළ බවත්, සියලු සීමා නීර්ණය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කාලයක් නොමැති බැවින් සාමානුපාතික ක්‍රමය වෙනුවට ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන පත්කිරීම කළ යුතු බව තම යෝජනාව වූ බවත්, අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුනි.

    එවිට 5000් නොඉක්මවන බවත්, බහු ආසන කොට්ඨාස සමඟ ගත් විට දැනට තිබෙන ප්‍රමාණයට වඩා 3600ක් පමණ පිරිස අඩුවන බවත්, එයද සැළකිල්ලට ගත හැකි බවත්, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පත් කිරීමට යෝජිත තේරීම් කමිටුවේ දී සාකච්ඡා කළ හැකි බවත්, එය සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත බවත්, එහිදී වඩාත් හොඳ කුමක්ද යන්න තීරණය කළ හැකි බවත්,  අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya