මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයේ සාධනීය යෝජනා පිළිගැනීමට සූදානම්- රටේ ඇති වූ තත්ත්වය නැවත කිසිදු දිනක සිදු නොවීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගන්නවා

    නොවැම්බර් 22, 2022

    මීට මාස කිහිපයකට පෙර මේ රටේ ඇති වූ තත්ත්වය නැවත කිසිදු දිනක සිදු නොවීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ මේ මොහොතේ ගන්නා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට සියලු දේශපාලන අධිකාරිය මේ වෙනුවෙන් කැප වී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අය වැය දෙවන වර කියවීමේ අවසන් දිනය වන අද (22)දින විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මහ බැංකු සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් මේ වෙනුවෙන් ඉතා කැපවීමේන කටයුතු කරන බවද විපක්ෂය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාධනීය යෝජනා පිළිගැනීමට සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව සාකච්ඡා කර තීරණ ගැනීමේ සහ නව සම්ප්‍රදායක් මේ වන විට ගොඩ නැගෙමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    අපි මේ ගෙන යන දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සාහ කිරීමට යාමෙන් මාර්තු අප්‍රේල් තිබුණාටත් වඩා දරුණු තත්වයකට පත් වෙනවා. මහජන නියෝජිතයෝ වශයෙන් රජය ප්‍රසාදයට පත් වෙන තීන්දු පමණක් ගන්න අපි කැමතියි. එහෙත් එවැනි තීන්දු තීරණ ගන්න කාලයක නොවෙයි අප ඉන්නේ. ජනතාව මුහුණ දෙන අපහසුතා තේරුම් නොගෙන නොවෙයි මෙැවැනි තීන්දු තිරණ ගන්නේ.2025 වර්ෂය වන විට 7%ක පමණ ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීම මෙවර අයවැයේ ඉලක්කය බවද අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය කටයුතු කරයි. ඒ අනුව නව වෙළඳ ගිවිසුම් ඇති කිරිම සහ අතරමඟ නැවතුණු වෙළෙඳ ගිවිසුම් නැවත ආරම්භ කර ඉදිරියට ගෙන යාම මේ වන විටත් ආරම්භ කර තිබේ. එමඟින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ගොඩනැගිමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    වැඩිදුරටත් අදහස් දැක් වූ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා,

    ආයෝජන ප්‍රමාණය වැඩි කර ගැනීම සහ අපනයනයන් වැඩි කර ගැනීම මෙවර අයවැයේ ප්‍රධාන ඉලක්කයන් දෙකක්. නමුත් ආයෝජන සඳහා හිතකර පරිසරයක් මෙරට නැහැ. ණය ගෙවා ගන්න බැරි රටක් ලෙස තියෙන්නේ. ණය ගෙවා ගත හැකි රටක් බවට පත් වීමට අපේ රටට ආයෝජන ලැබීම පිළිබඳ ව විශාල විශ්වාසයක් තබන්න බැහැ.ඒ සඳහා දැනට සිදුවන ක්‍රියාවලිය වේගවත් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සමග ණය ප්‍රතිව්‍යහගතකරණය කර ණය ගෙවා ගත හැකි රටක් බවට පරිවර්තනය විය යුතුයි.විදෙස් ආයෝජකයන්ට එම මූල්‍ය සහතිකය සහ විශ්වාසය ඇතිකළ යුතුයි.

    ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කර ගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඇතැම් පුද්ගලයන් ණය ප්‍රතිව්‍යහගතකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු හේතුවෙන් ගොඩනගා ගත් විශ්වාසය බිඳ වැටෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මුදල් කමිටුවේ සභාපති ලෙස හර්ෂද සිල්වා මන්තත්‍රීවරයාගෙන් මම අද විශේෂ ඉල්ලීමක් ද කළා. ඇතැම් අය දැනගෙන, නොදන්නා ලෙස කරුණු ඉදිරිපත් කරනවා. සමහරු කිසිම කරුණක් නොදැන උපකල්පන මත කරුණු ඉදිරිපත් කරනවා. මේ තුළ ගොඩනගාගත් විශ්වාසය බිඳවැටෙනවා.

    මීට දින 10කට පෙර ණය ප්‍රතිව්‍යහගත කිරීම, ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබිම සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් වෙළෙඳ පොළ තුළ ගොඩනැගීතිබූ බවත් එහෙත් විවිධ අනාවැකි පළ කිරීම තුළ මෙම විශ්වාසය යම් තාක් දුරට බිඳ වැටි ඇතැයිද අමාත්‍යවරයා කීය.

    අපි පිළිගන්නවා රටේ පොළී අනුපාතය වැඩියි කියලා. හැබැයි රටේ රාජ්‍ය ආදායම පහළ ගිහිත් තිබෙන වෙලාවක ආර්ථිකමය වශයෙන් යම් යම් මූල්‍ය කළමනාකරණයන් කිරිමට සිදු ව ඇතැයිද කීය.

    පොළී අනුපාතය වැඩි නිසා බලපෑමට ලක් වූ පාර්ශවයන් කිහිපයක් ඉන්නවා. මේ අයට යම් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වන්නේ රටේ ආර්ථිකය ස්ථාවර වීම තුළ පමණක් බවද පෙන්වා දුන්නේය.

    සුබසාධක දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැති බවද ශෙහාන් සේමසිංහ මහතා අදවධාරණය කළේය. වැඩිහිටියන් වෙනුවෙන් ලබාදෙන දීමනා, ආබාධිත දීමනා, රෝගීන් වෙනුවෙන් ලබාදෙන දීමනා ,ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන ජනතාවගේ දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය දෙසැම්බර් දක්වා මාස හතක කාලයක් අප අතිරේක දීමනාවක් ද ලබා දෙන අතර එම දීමනාව ජනවාරි සිට අප්‍රේල් දක්වා ඒ ආකාරයෙන්ම ලබා දෙන බවද ශෙහාන් සේමසිංහ මහතා කීය.මුදල් අමාත්‍යංශය හරහා මේ වනවිට දරිද්‍රතා සංගනයක් සිදුවෙමින් තිබේ. ඒ අනුව.

    සම්ප්‍රදායික ඉදිරිපත් වූ කරුණු මෙවර අයවැයේ අඩංගු නැහැ. ඊට හේතුව තමයි මේ රටේ ආර්ථිකයේ ඇති වූ පසුගාමී තත්ත්වය . ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු ආර්ථික වර්ධනයකට ගමන් කළ හැකියි.

    ආර්ථිකය ස්ථාවර කිරිම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. අද පවතින ආර්ථික තත්වය තුළ මූල්‍ය පරාසය සීමා සහිතයි. අතීතයේ ඉදිරිපත් කළ අයවැය ලේඛනයන් කරා ගමන් කරන්න බැහැ.

    මෙවර අයවැය ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය ස්ථාවරභාවයට පත් කිරිම, ජනතාව මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා බවත් මෙය ආරම්භ වන්නේ මීට මාස කිහිපයකට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2023 අයවැය අතුරු අයවැැයේ ඉදිරිපත් කළ කරුණු වලට අමතරව පුළුල් පරාසයක් තුළ ඉදිරිපත් කළ අයවැයක්. කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්රේන යුද්ධයෙන් පසු ලෝකයේ සෑම රටක්ම මෙම ගැටළුවට මුහුණ දෙනවා. උද්ධමනය ඉහළ යාම පාලනය වෙන්න යම් ආර්ථික ස්ථාවරත්වයකට එන්න තවත් මාස 18-24ක කාලයක් ගත වේවි.

    මෙවර ඉදිරිපත් කර තිබෙන අයවැය අපනයනනය මූලික කර ගත් අයවැයක් ලේඛනයක් බව ද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් කර ගමන් කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දී තිබෙනවා. ආදායම් එකතු කිරීම, රජයේ වියදම් සිදු කිරීම වැනි කාරණා සඳහා පූර්ණ පරිගණක ගත ක්‍රමයක් භාවිතා වන්නේ නැහැ. ක්‍රමවත් ජාල ගත ඩිජිටල් සිස්ටම් එකක් සෑදීම මෙවර අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන බවත් කිය.

    ඉදිරි වසර 10තුළදී ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රම බලකායක් බිහි කිරීම සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් අවධානය යොමු වෙනවා. අද අපි නැවත ක්‍රමානුකූලව සෙමින් හිස ඔසවනවා''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya