මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට දැනුම් දුන්නා- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 22, 2022

    රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රෙල්ඛනය සංශෝධනය කිරීමට දැනුම් දුන් බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනය වන අද අයවැය විවාදය අතරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ඊයේ දිනයේ ඇතැම් පාසල් කිහිපයක ගුරුවරු සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් පාසලට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍ය වල වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    කොවිඩ් වසංගතය සමයේ (5/2022 ) චක්‍ර ලේඛනයට අනුව රාජයේ කාර්යාල වල සේවය කරන රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අවසර ලබා දුන්නා. එතනින් තමයි මේ ප්‍රශ්නය ආරම්භ වුණේ. රාජ්‍ය සේවකයෝ කිව්වම ගුරුවරුත් රාජ්‍ය සේවකයෝ, මමත් ඔය රූප රාමු දැක්කා , බැලූ බැල්මට ඔය රූප රාමු පාසල් වල රූප රාමු නොවෙයි.

    එහෙත් නැවතත් එම චක්‍ර ලේඛනය සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ට දැනුම් දුන් බව අධාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya