මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පද්ධතිය විනාශ කිරීමට රජය කිසිසේත් ඉඩකඩ ලබාදෙන්නේ නැහැ - වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

    නොවැම්බර් 22, 2022

    යම් යම් බහු ජාතික සංවිධාන නියෝජනය කරන්නන්ට උවමනා පරිදි පාසල් පද්ධතිය විනාශ කිරීමට රජය කිසිසේත් ඉඩකඩ ලබානොදෙන බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය, වැඩ බලන කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා  පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (22) ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම දිනවල කතාබහට ලක්වන ගුරුවරියන්ගේ ඇදුම පිළිබදව මාධ්‍යෙව්දියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමිනි.

    විෂය භාර අමාත්‍යවරයා වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ගුරුවරියන්ගේ ඇදුම සම්බන්ධව කිසිදු ආකාරයක වෙනස් කිරීමක් සිදුනොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ බව කියාසිටි වැඩබලන කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා, පාසල් පද්ධතිය යනු අප රටේ අනාගතය බවද‍, එමනිසා පාසලක ගුරුවරියකට ඔසරියක් හෝ සාරියක් ඇදගෙන පැමිණීම බොහොම පැහැදිලිව නීත්‍යනුකූලව සහ සංස්කෘතියත් සමග දීර්ඝකාලීනව පැමිණි අපගේ පැවැත්මක් බවද කියා සිටියේය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවද, එම සාකච්ඡා කිරීමත් සමග අධ්‍යාපන අමාත්‍යතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇතැයිද ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.

    යම් යම් නියෝජිතයන්ට අවැසි පරිදි පාසල් පද්ධතියේ සංස්කෘතියන්, සදාචාරයන් සහ පැවැත්මන් වෙනස් කිරීමට ඉඩ නොදිය යුතු බවද, ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළකළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

    ''අධ්‍යාපන ඇමතිතුමා ගුරුවරියන්ගේ ඇදුමේ ප්‍රශ්නය පිළිබදව අවසාන තීරණයක් දීලා තියෙනවා. ඒ ඇදුම් සකස් වී ඇත්තේ අපේ රටේ අනන්‍යතාවය, අපේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට. ඉන් ඔබ්බට ගතහොත් ගුරුවරයා පිළිබදව ශිෂ්‍යයාට තියෙන ගෞරවය සහ භක්තිය ආරක්ෂා වන ලෙස මෙම ඇදුම් වල ප්‍රමිතීන් හදලා තියෙන්නේ. එමනිසා අප රටේ සංස්කෘතිය විනාශ කිරීමට නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. මෙවැනි බලවේගයක් තමයි අයිස් වැනි මත්ද්‍රව්‍ය පාසල් වලට ගොස් නොමිලයේ බෙදාදෙන කණ්ඩායම්.''

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya