අමාත්‍යවරයා බව ප්‍රකාශ කළේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ දී නිවැරදි තීන්දු ගැනීමට ජනතාවට ඇති අවස්ථාව හේතු ගණනාවක් නිසා අහිමි වී ඇතැයි ද මුදල් වැඩි වශයෙන් වියදම් කරන පුද්ගලයින්ට මැතිවරණ ක්‍රමයේ වාසි ඇතැයිද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඇතැම්විට ජනමාධ්‍ය ආයතන භාවිතා කරමින් පවා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරන අපේක්ෂකයන් සිටින බව වැඩිදුරටත් පැවසුවේය.
මෙම පුද්ගලයින්ට මුදල් ලැබුණේ කෙලෙසද, මෙම මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්නෙහි වගකීමක් ජනතාවට නැතැයිද මෙලෙස ජනතාව නොමග යෑම නිසා වැරදි තීන්දු තීරණ ගැනෙන බවද කියා සිටියේය. මුදල් ඉපැයීම කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවද එයට ජනමාධ්‍ය සංස්කෘතියද බරපතල ලෙස දායකවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමානුපාතික නියෝජනය පැමිණි මුල් කාලේ පටන් මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද, 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පවා දූෂණයට දොර හැරපු මෙම නියෝජන ක්‍රමය එනම් සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට මනාප ක්‍රමයක් නොමැති කොට්ඨාශයකට සෘජු ලෙස වගකියන මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීමට ජනතාවට අයිතිය හදාදෙන බවට දේශපාලන පොරොන්දුවක් ලබාදුන් බව සිහිපත් කළේය.
මේ පිළිබඳ බොහෝ උත්සාහ කළ බවද, 2015 වසරේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරන වෙලාවේ මෙය වෙනස් කිරීමට 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කර තිබුණු බවද නමුත් එය කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවද සඳහන් කළේය.
මෙම පනත යටතේ ජනාධිපති මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත්සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය යන මෙම අන පනත් හතරටම අදාළව මෙම පනත ගෙන එන බවද මේ යටතේ යම් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය තීරණය කරනුයේ මැතිවරණ කොමිෂන් සභාව බවද, එම මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබුණහොත් එම කාරණය සනාත වීම තුළ ඔහුට මන්ත්‍රී ධූරය අහිමි කිරීමට ඉඩකඩ ඇතැයිද පැවසුවේය.
ඒ ඒ පනත් වල ඇති විධි විධානවලට අනුකූලව දඬ මුදල් වලින් දඩුවම් කිරීමේ බලයක් ඇතැයිද කියා සිටියේය. එමෙන්ම රජයේ දේපළ, රජයේ යාන වාහන, රජයේ සම්පත් සහ රජයේ සේවකයන් දේශපාලන කටයුතු වලට යොදාගැනීම තහනම් බවද පැවසුවේය.
නොයෙකුත් කල්ලි කණ්ඩායම්, බහු ජාතික සංවිධාන, විදේශීය රටවල් වලින් දෙන ආධාර ලෙස මුදල් ආධාර ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් බවද මැතිවරණය අවසන් වී සති තුනක් යනවිට අදාළ අපේක්ෂකයා ජයග්‍රහණය කළද, පරාජය කළද ඔහු මැතිවරණයට වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද එය කෙලෙස ලබාගත්තේද කවුරුන්ද ලබාදුන්නේ යන්න පිළිබද සම්පූර්ණ තොරතුරක් දිවුරුම් ප්‍රකාශයක් මගින් ගිණුම් සාරාංශයක් ලබාදිය යුතු බවද අවධාරණය කළේය.
අසත්‍ය කරුණු සදහන් කර තිබුණහොත් එය වරදක් ලෙස සළකා දඩුවම් නියම කිරීමටද, බොරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම පිළිබදව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කිරීමේ බලයක් මෙම පනත යටතේ හිමිවන බවද පැවසුවේය.
ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදයකට යාමට නම් එම ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවද කියා සිටියේය.