මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරවි දූපතට යන සංචාරකයන්ට පහසුකම් සපයන්නැයි ආණ්ඩුකාරවරියගෙන් උපදෙස්

    නොවැම්බර් 22, 2022

    ත්‍රිකුණාමලය පරවි දූපත සංචාරක කලාපය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සදහා විධිමත් ක්‍රමවේදයන් යටතේ පහසුකම් සැලසීම කඩිනම් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නාය.

    එම සංචාරක කලාපය නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ට අවශය අවම පහසුකම් හෝ එහි නොතිබීම පිළිබදව දිගින් දිගටම ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් පසු ආණ්ඩුකාරවරිය මේ බව අවධාරණය කළාය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරක කලාප අශ්‍රිතව පිහිටා ඇති හෝටල් හිමියන් සමග ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය. පරවි දූපත නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගෙන් බෝට්ටු හිමියන් හිතුමතේ මුදල් අය කරන බවත් එහි කිසිදු පාලනයක් නොමැති බවත් එහිදි කල සාකච්ඡාවේදි හෙළි විය.

    අනතුරුව ආණ්ඩුකාරවරිය කියා සිටියේ එම ප්‍රදේශය භාර වනජිවි කාර්යාලයේ ලියාපදිංචි බෝට්ටු සදහා පමණක් එහි ප්‍රවාහන කටයුතු සිදු කිරිමට අවසරය ලබා දෙන ලෙසයි. එසේ ලියාපදිංචි නොවන බෝට්ටු වල ගමන් නොකරන්නැයි එම ප්‍රදේශයේ දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශණනය කරන ලෙසද, දිස්ත්‍රික් වනජිවි නිළධාරිවරයාට උපදෙස් දුන්නාය. මේ අතර එම ප්‍රදේශය සංචාරකයන්ගේ සිත් ඇදගන්නා සුළු ප්‍රදේශයක් බවට කඩිනමින් පත් කරන්නැයි ආණ්ඩුකාරවරිය ඊට අදාළ පළාත් පාලන ප්‍රධානීන්ට නියෝග කළාය.

    ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන වල පිරිසිදුභාවය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබදව සොයා බැලීම සඳහා යාවත්කාලීන වන වැඩ පිළිවෙලක් සකසන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

    ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති හැරි ප්‍රතාප්, ත්‍රිකුණාමලය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහක්මණගේ, ත්‍රිකුණාමලය, නගර හා කඩවත් සහ කුච්චවේලි පළාත් පාලන ආයතන ප්‍රධානීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමෙන්තුව, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya