මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුබද්ධව, විදෙස් තානාපති කාර්යාලයන්හි සේවයට තවත් 50ක්

    නොවැම්බර් 22, 2022

    විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුබද්ධව, විදෙස් තානාපති කාර්යාලයන්හි සේවය කිරීමට කාර්ය මණ්ඩල තනතුරු 150ක් ඇතත් දැනට සිටින්නේ නිලධාරින් 40ක් පමණක් බවත් මේ වන විට තවත් 50ක කණ්ඩායමක් එම තානාපති කාර්යාලවලට යැවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසිය.

    මේ හේතුව නිසා විදෙස්හි පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයන්හි වැඩ කටයුතු ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය.

    ඕමානයේ තානාපති කාර්යාලයේ සිටින විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. මේ වන විට එම පුද්ගලයාගේ වැඩ තහනම් කර තානාපති සේවය අත්හිටුවා තිබේ.

    ''අපි නිලධාරින් රකින්න නැහැ. අදාළ පරීක්ෂණයෙන් පසු අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා'' බවද අමාත්‍යවරයා කීය.

    මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය නිරන්තර අවධානයෙන් පසුවන බවත් , මීට මාසයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කණ්ඩායමක් ඕමානයට යැවූ බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් අනාවරණය වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya