මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකික මිනිස් වෙළෙඳාම නැවැත්විමට පියවර - කාන්තාවන් විදේශගත වීමේ දී වංචා සහගත පුද්ගලයන්ට හසු වීම වැළැක්වීට රජය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

    නොවැම්බර් 22, 2022

    සුරක්ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියක්

    කාන්තාවන් විදේශගත වීමේ දී වංචා සහගත පුද්ගලයන්ට හසු වීම වැළැක්වීට සියලු ක්‍රියාමාර්ග රජය ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අද (22) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.

    විදෙස් රටවලදී සිදු වන ශ්‍රී ලාංකික මිනිස් වෙළෙඳාම නැවැත්විම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව මේ වන විට කටයුතු කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් නිරන්තනයෙන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසිය.

    අයථා සහ කූට ක්‍රම මගින් විදේශගත වීමට උත්සාහ කරන්නන් සහ ඒ සඳහා ආධාර අනුබල දෙන්නන් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කළ බව ද මෙවැනි සිද්ධීන් 190ක් සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියක් ලබා ගත් බව විදේශ සේවා නියුක්ති

    ඒ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් දැරිමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.

    සංචාරක වීසා මත විදෙස් ගත වී රැකියා සඳහා යොමූ වූ කාන්තාවන් මේ වන විට විදේශයන්හි අතරමං වී විවිධ දුෂ්කරතාවන්ට සහ හිරිහැර වලට මුහුණු දී ඇති බවත් එවැනි පිරිස් යළි දිවයින්ට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමු වි ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසිය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඔිමානය වැනි රටවල වීසා පටිපාටිය ලිහිල් කිරීම හේතුවෙන් , සංචාරක වීසා මත විදෙස්ගත වන කාන්තාවන්ට රැකියා වීසා ලබා දේ. පසුව ඔවුන් විවිධ වෘත්තීන් සඳහා බඳවා ගනු ලබන අතරපසුව විවිධ රැකියා සඳහා යොමු කෙරේ. රැකී රක්ෂා මත යන බව නොකියා, සංචාරක වීසා මත ගිය බොහෝ කාන්තාවන් මෙසේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී තිබේ. සංචාරක වීසාවලට ගිය මොවුන් අමතරව එහි ගත කරන හැම දිනයකටම දඩ මුදලක් එම රටවල් අය කරනු ලැබේ.

    මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් ඇති වීතිබෙන ඇති වූ ඇති මෙම ගැටළු සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    තවද සංචාරක වීසා මත විදෙස් ගත වන කාන්තාවන් සම්බන්ධයෙන් ගුවන් තොටුපළ කාර්යංශයේ පරීක්ෂාව තව දුරටත් දැඩි කර ඇති බවයි. ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගෘහස්ත හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය මීට මාසයකට පෙර සිට අත් හිට වූ බවද අමාත්‍යවරයා පැවසිය.

    පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ ලියාපදිංචිය පමණක් මේ වනවිට සිදුකරනු ලබයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍යවරයා පැවසුවේ, වැඩිදුරටත් අදහස් දැක් වූ මනූෂ නානායක්කාර මහතා පැවසුවේ , රැකියා සඳහා නොවන පුද්ගලයන් විදේශ ගත වූ පසු එවැනි පුද්ගලයන් යළ දිවයිනට ගෙන්වා ගැනීමට නම් විශේෂ අනුමැතියක් ලබා ගත යුතු බවයි. ඒ අනුව මෙම පිරිස් ගෙන්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බවද කීය. විශේෂයෙන්ම එවැනි පුද්ගලයන් සඳහා වගකියන විදේශ රැකියා ඒජන්සියක් හෝ අතරමැදි ආයතනයක් නොතිබීම විශාල ගැටළුවක් වී තිබේ. ඇතැම් කාන්තාවන් එක් රටක සිට තවත් රටක ප්‍රවාහනය කිරීමද කර ඇත.

    මේ වන විට ඕමානයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 77 දෙනෙකුත් ,ඩුබායි හි පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ත් මෙවැනි පිරිස් සිටින බවත්, අමාතයවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya