මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම යනු ආයතන පුද්ගලික අංශයට විකිණිම නොවෙයි

    නොවැම්බර් 21, 2022

    ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමයනු ආයතන පුද්ගලික අංශයට විකිණිම නොව රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ ලෙස ආයතන මෙහෙයවීම බවත්, බොහෝවිට රජය හා පෞද්ගලික අංශය හවුල්කාරී ලෙස ව්‍යාපාර කිරීම බවත්, කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති අය වැය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    එනම් රාජ්‍ය ව්‍යාපාර ආයතනවල 51%ක් රජය තබාගෙන 49%ක් පුද්ගලික අංශයට පවරාදී ක්‍රියා කළ යුතු බවත්, එවැනි අවස්ථාවලදී රාජ්‍ය අංශය විසින් පෞද්ගලික අංශයට ලාභ ලැබීම සඳහා පියවර ගැනීමට බලයක් ලබාදිය යුතු බවත්, මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා පැවසීය.

    අපට රටක් ලෙස ලෝකයත් සමඟ තරඟයක් ඇති බවත්, එම තරඟය දිනාගැනීමෙන් පමණක් ලාභ ඉපැයිය හැකි බවත්, එම නිසා පාඩු ලබන ආයතන පැවරීමේදී තරඟකාරීත්වයට විවෘත කළ යුතු බවත් මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා තවදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya