මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 අයවැයෙන් කියවෙන්නේ රට නව ශ්‍රී ලංකාවකට ගමන් කරන බවයි - පරිසර අමාත්‍ය නසීර් අහමඩ්

    නොවැම්බර් 21, 2022

    2023 මාර්තු මස සිට රජයේ බොහොමයක් ගෙවීම් ඩිජිටල් පද්ධති මගින් සිදු කිරීමට කටයුතු කරන බවත් ඉන් කාලය ඉතිරි කරගෙන වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දිය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.

    අයවැය දෙවන වර කියවීමේ හයවන දිනය වන අද (21) විවාදයට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ,ගෙවීම් පද්ධති, සමාජ ආරක්ෂණ පද්ධති ආදී පුරවැසි කාර්යයන් සඳහා ඩිජිටල්කරණය භාවිතා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2023 අයවැයෙන් කියවෙන්නේ රට නව ශ්‍රී ලංකාවකට ගමන් කරන බවයි. ආර්ථිකය නව මාවතක් කරා රැගෙන යාම, තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් මෙවර අයවැය ඉදිරිපත් කරතිබේ.

    සමාජයේ සෑම අංශයකටටම මෙවර අයවැයෙන් ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. මෙවර අයවැයේ නව බදු හඳුන්වාදීමක් නැහැ, බදු රැස් කිරීම , පරිපාලනය සහ පරිපාලනය වඩාත් ක්‍රමවත් කිරීම සඳහා කරුණු මෙවර අයවැයේ අඩංගු බවද කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya