මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු පීඩන කලාපය යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගත වෙයි

    නොවැම්බර් 20, 2022

    දකුණු-මධ්‍යම බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 10.0 සහ නැගෙනහිර දේශාංශ 85.5 ආශ්‍රිතව, යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතී.උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවවතින බවද කාලගුණ නිවේදනයේ සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya