මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප්, කෝපා සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභා සඳහා නව සාමාජිකයන් නම් කෙරේ

    නොවැම්බර් 21, 2022

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් (19) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

    මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා (කෝප්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  දයාසිරි ජයසේකර මහතා සහ  (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා නම් කොට තිබේ.

    එසේම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර මහතාගේ සහ වේලු කුමාර් මහතාගේ නම් කථානායකවරයා විසින් නිවේදනය කරන ලදි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා නම් කොට ඇති බව ද කථානායකවරයා නිවේදනය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya