මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට විභාග පවත්වා කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට පියවර - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 21, 2022

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන පරිපාපුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා විභාග පවත්වා කඩිනමින් ප්‍රතිඵල ලන සේවය, අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය හා ගුරු උපදේශක සේවය තිබෙන ලබාදීමටත් දැකට පවත්වා ඇති විභාගවල ප්‍රතිඵල ඉක්මනින් ලබාදීමටත් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ,(20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එමෙන්ම ගුරු සේවාව, ගුරු උපදේශක සේවාව, අධ්‍යාපන පරිපාලන සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවය හා විදුහල්පති සේවාව යන සේවා පහ සමඟ පසුගිය කාලය තුළ සාකච්ඡා කළ බවත්, මේ සියලු දෙනාගේ සහයෙන් අමාත්‍යංශයේ කටයුතු පවත්වාගෙන යන බවත්, අමාත්‍යවරයා පැවසීය.
    ඒ අනුව ඉදිරියේදී කුමන තත්වයක් මත වුවත් සිසුන්ට ඉගෙනගැනීමේ කාලය අහිමිනොවීමට සියලු දෙනා කටයුතු කරන බවත්, පසුගිය කොවිඩ් සමයේ සිසුන්ට අහිමිවූ කාලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya