මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට ඉංග්‍රිසි භාෂාව භාවිතය පළමු වසරේ සිට පටන් ගැනීමට සියල්ල සූදානම්

    නොවැම්බර් 21, 2022

    ලබන වසරේ සිට ඉංග්‍රිසි භාෂාව භාවිතය පළමු වසරේ සිට පටන් ගැනීමට සියල්ල සූදානම් කර ඇති බවත්, පළමු ශ්‍රේණිය ඉගැන්වීමට ගුරුවරු දහතුන් දහසක් මාස තුනක් තුළ පුහුණුකර අවසන් කරන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් පුහුණු කිරීම සිදුවන බවත්, දෙසැම්බර් 21 වන විට රම අදියර අවසන් කර ඉන් අනතුරුව ගුරුපපුහුණුව පටන් ගන්නා බවත්, ගුරුවරුන් වෙනුවෙන් වැඩ පොත් වැනි දෑ මුද්‍රණය කර අවසන් කිරීමට පටන් ගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.


    ආර්ථික අපහසුතා රැසක් තිබුනද අධ්‍යාපන ක්ෂේත්‍රය නිවැරදිව පවත්වාගෙන යන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව මේ වන විට පටන් ගෙන ඇති බවත්, එය පාරිපාලනමය වශයෙන් සිදුවිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න සාකච්ඡා වන බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya