මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    75 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව 75ක්

    නොවැම්බර් 21, 2022

    එළැඹෙන 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් දිවයිනේ හොඳම උසස් පෙළ ප්‍රතිඵල ලබාගත් 75 දෙනෙකුට ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා මේ බව පැවසීය.

    එමෙන්ම උපාධිධාරීන් 75ක් තෝරාගෙන ඔවුන්ට විදේශ රටවල තමන් කැමති විෂයයකින් පශ්චාත් උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya