මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ ලක්ෂයකට වෘත්තීය පුහුණුව

    නොවැම්බර් 20, 2022

    වෘත්තිය පුහුණු අධිකාරිය සමඟ එක්ව NVQ සිව්වැනි මට්ටම හෝ ඊට ඉහළින් ඇති මට්ටම් රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය සමඟ එක්ව ක්‍රමාණුකූලව පවත්වාගෙන යාමටත්, ඒ අනුව තරුණ තරුණියන්   ලක්ෂයක් ලබන වසර වන විට වෘත්තිය පුහුණුව ලැබුවන් බවට පත් කිරීමටත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන  අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව ජපන් භාෂාව හෝ කොරියන් භාෂාව වැනි භාෂාවක් සමඟ වෘත්තිය පුහුණුව ලබාදී පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට එමගින් හැකිවනු ඇති බවත්,වෘත්තිය පුහඅණු ලබාදෙන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සියල්ල විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ලබන වසරට එය ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.


    සාමාන්‍ය පෙළට පිවිසීමට පෙර පාසල් හැරයන පිරිස වෙනුවෙන් වෘත්තිය පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කරන බවත්, දැනට අඩපණ වී ඇති 13ප්ලස් අධ්‍යාපන කටයුතු ඉදිරියේදී නැවත සක්‍රීය කරන බවත්, මෙමගින් තරුණයින් අතර පීඩනය යම් ආකාරයකට පාලනය කිරීමට හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya