මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෛනිකව ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු යොදා තිබෙනවා

    නොවැම්බර් 19, 2022

    පසුගිය  කාලයේ ධීවරයන්ට ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් මතුවී තිබුණු නමුත් මේ වන විට එය සමතයකට පත් වී  තිබෙන බවත්, අද වන විට ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් ලබාදෙන්නේ කෝටාවකට නොව ධීවරයන්ගේ සම්පූර්ණ අවශ්‍යතාව සැපිරෙන පරිදි බවත්, ධීවර  සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් .ජේ. කහවත්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (19) පැවති ලෝක ධීවර දිනය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙරට ධීවරයන්ට අවශ්‍ය පරිදි ඉන්ධන නොලැබෙන බවට වන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදි අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දෛනිකව ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, භූමිතෙල් සම්බන්ධයෙන් තැනින් තැන සැපයීමේ අඩුපාඩු ඇතිවී තිබෙන්නේ එය ඇනවුම් කිරීමේදී ඉන්ධනහල්වලින් වන අඩුපාඩු නිසා පමණක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya