මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට පියවර

    නොවැම්බර් 19, 2022

    ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේදී ධීවරමය සංචාරක වැඩසටහන් ආරම්භ කිරීමට යෝජිත බවත් ධීවර අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය පවසයි.

    ලේකම්වරිය මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(19) පැවති ලෝක ධීවර දිනය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවේදී නීල හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීම හා සංචාරක ධීවර ප්‍රවනතාව මෙරට ධීවර කර්මාන්තය වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    එහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද අදහස් දැක්වූ අතර ඒ මහතා පැවසුවේ, තනි තනිව රාජ්‍ය පාලනය කිරීම වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියාකිරීමෙන් රට නැවතත් ගොඩගැනීමට හැකියාවක් ඇති බවත්, ඉදිරියේදී සංචාරක අමාත්‍යංශය හා එක්ව සංචාරක ධීවර ප්‍රවනතාව මෙරට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya