මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකුව වඩා ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය නීති රාමුව සකස් වෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 19, 2022

    මහබැංකුව වඩා ස්වාධීන ආයතනයක් බවට  පත් කිරීමට අවශ්‍ය නීති රාමුව මහබැංකුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ව සකස් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයා මහබැංකුව සම්බන්ධව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මහබැංකුව ස්වාධීන කිරීමට අවශ්‍ය අනපනත් ගෙන නොඑන්නේ මන්දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේ ය

    මෙහි අවසාන කටයුතු සිදුවූවාට පසු වඩා ස්වාධීනව කටයුතු කළ හැකි මහබැංකුවකට අවශ්‍ය අනපනත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බවත් මේවන විටත් ඒ වැඩකටයුතු බොහෝ දුරට ගමන්කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya