මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජකයන් දිරිගන්වන නව පැකේජයක් සැකසිය යුතුයි

    නොවැම්බර් 19, 2022

    ආයෝජකයන් දිරිගන්වන නව පැකේජයක් සැකසිය යුතුයි - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි

    පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කොට ආයෝජකයන් දිරිගන්වන  නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය.

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පැවති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබාදෙන ලදී.

    මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ද ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බැවින් ඉහත සඳහන් කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අතවශ්‍ය බවයි.

    එසේම පවතින පැකේජය යටතේ ව්‍යාපෘති, ආයෝජන සහ රැකියා කොපමණ පුමාණයක් ලැබී තිබේද යන්න පිළිබඳ දත්ත මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස කමිටුව විසින් ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන ලදී.

    මෙහිදී BOI නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ආයෝජන මණ්ඩලය ලෙස තමන්ට ආයෝජකයන්ට ලබාදිය හැකි සහන අවම මට්ටමක පවතින බවත්, බදු සහන ඉවත් කිරීම නිසා ආයෝජකයින් පැමිණීමේ අඩුවීමක් දැකිය හැකි බවත්ය. ආයෝජන සදහා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya