මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ගන්නා පියවර යුරෝපා සංගමය අගය කරයි

    නොවැම්බර් 03, 2022

    අර්බුදයේ අහිතකර බලපෑම අවම කර රට තිරසාර වර්ධනයක් සහ සෞභාග්‍යයක් කරා ගෙන යන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ පියවර ඇතුළුව වත්මන් රජය ගන්නා පියවර යුරෝපා සංගමයේ අගය කිරීම හිමිවන බවත්, මෙරට පවතින ආර්ථික අර්බුදය පරදා නැගී සිටීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට යුරෝපා සංගමයේ සහය දක්වන බවත්, යුරෝපා සංගමය අවධාරණය කරයි.

    ඉකුත් ඔක්තෝබර් 28 දා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව එම සංගමයේ නිල වෙබ් අඩවිය තහවුරු කර ඇත.

    එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග සහ ව්‍යවස්ථාදායක මුලපිරීම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොර්ශවය සාකච්ඡා කළ අතර මානව හිමිකම් ප්‍රගමනය, යුක්තිය සහ සංහිඳියාව තුළින් සමාජ, ආර්ථික සහ දේශපාලන ඇතුළත් වීමේ වැදගත්කම යුරෝපා සංගමය අවධාරණය කර ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ රටේ මූලික ආයතන සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂණය, මහජන පරීක්ෂාව මෙන්ම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට එහිදී දැනුම් දී ඇත.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අදාළ සාකච්ඡාවේ දී සිය දැඩි සැළකිල්ල පළ කළ අතර ජී.එස්.පී. ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya