මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළැඹෙන සංචාරක සමයේ ගුවන් යානා සදහා ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබාදීමට පියවර

    නොවැම්බර් 03, 2022

    එළැඹෙන සංචාරක සමයේ මෙරටට පැමිණෙන සහ පිටවන ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබා දීමට සැළසුම් කර ඇතැයි ,වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

    වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යංශය වැඩි දුරටත් පෙන්වා දුන්නේ , ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 3000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත් එහි ඉන්ධන ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර ඇති බවත් තව දින 65කට එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන බවත් ය.

    එමෙන්ම ඉදිරි දින17 සදහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සතුව පවතින බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවක දී එහි නියෝජිතයන් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya