මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕමානයෙන් රුපියල් මිලියන 191ක ඖෂධ

    නොවැම්බර් 03, 2022

    ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

    හෘද රෝග ,අධි රුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග,ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ මේ අතර වේ.

    ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් ඒ හේතුවෙන් ඖෂධ හිඟයක් මතුවෙමින් පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන් ඒ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් යථා තත්ත්වයට එය ගෙන ඒමට වෙහෙස ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.ඒ අතරතුර විවධ රටවලින් කෙරෙන මෙවැනි ඖෂධ ආධාර මහත් පිටිවහලක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    විශේෂයෙන් ඕමාන් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දැනුම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අමාත්‍යවරයා හා තානාපතිවරයා මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති Said Al Naseer Al Harbi ( සයිද් අල් නසීර් අල් හර්බි) මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ)වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සඳහා සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya