මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව ඇරඹේ

    නොවැම්බර් 03, 2022

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම (01 වැනි දින ) අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් කාර්යාලයේ දී සිදු කෙරිණි.

    මෙම තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා තරුණ තරුණියන් ලියාපදිංචි කළ අතර මේ වසරේ දෙසැම්බර් 01වැනි දින සිට පාඨමාලාව ආරම්භ වේ.

    පුහුණුව සාර්ථකව නිම කරන තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් සහතික පත්‍ර ලබාදීමට කටයුතු කරන බව අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී.සී.ගාමිණී මහතා පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංජය ප්‍රනාන්දු මහතා (පාඨමාලා සමායෝජක), උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. දිසානායක මහතා, ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ එම්. ඩී. ගුණසේන මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. ඩී. ගාමිණී මහතා සහ දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති ජී.ඒ.ජනත් ප්‍රසන්න මහතා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya