මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අර්බුදකාරී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා- තවදුරටත් උද්ඝෝෂණය කිරීම සාධාරණ නැහැ - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

    නොවැම්බර් 01, 2022

     හෙට පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා සහභාගී වන පිරිස එයට සම්බන්ධ වනුයේ, රටේ පැවතුනු පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කළ නිසාදැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විමසයි.

    අමාත්‍යවරයා මේ බව විමසූයේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාව හා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක් වෙමිනි.

     

    මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට සැලසුම් වී ඇති උද්ඝෝෂණය පිළිබඳව රජයේ අදහස් විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


    “නොවැම්බර් 02 වැනිදා තියෙන උද්ඝෝෂණය ගැන කැබිනට් මණ්ඩලය නොනිල වශයෙන් සාකච්ඡා කලා. මෙතැනදී තියෙන ගැටලුව තමයි දෙවැනිදා උද්ඝෝෂණයට එන්නේ පෙට්‍රෝල් පෝලිම් වල ඉඳලා දැන් මේක දරාගන්න බැරි කට්ටියද? ගෑස් පෝලිම් වල ඉඳලා ගෑස් නැති අයද? එහෙම නැත්නම් ගෙවල් වල කරන්ට් කපන එක පැය 10- 12ට වැඩි වෙලා ගෙවල් වල දරුවන්ට ඉගෙන ගන්න බැරිව එහෙම නැත්නම් තමන්ගේ කර්මාන්ත ශාලා කරගන්න බැරි අයද? එහෙම නැත්නම් බඩු මිල ඉතා ඉහලට ගිහිල්ලා දැන් මේ ආයෙත් අඩු වෙලා තියෙන බඩු මිල දරගන්න බැරුව ඉන්න අයද? තෙල් මිල අඩු වෙලා තියනවා. අපි දන්නේ නෑ ආයෙත් ලෝක වෙළඳෙපාළත් එක්ක මිල වැඩි වෙයිද කියලා. ඒත් දැනට තෙල් මිල අඩුවෙලා. ඉතින් ඒක ඉවසගන්න බැරි අයද මේ විරෝධතාවලට එන්නේ. එහෙම නැතිනම් වහලා තියෙන පාසල් ටික ඇරලා දරුවෝ ඉස්කෝලේ යන නිසාද? වහලා තිබුන විශ්වවිද්‍යාල ටික ඇරලා දරුවෝ දැන් අධ්‍යන කටයුතු කරන්න පටන් ගත්ත නිසාද? දැන් අපේ නිෂ්පාදන වලින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන නිසාද මේ ප්‍රශ්නය තියෙන්නේ.


    මේක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක්. එහෙම නැත්තන් මෙච්චර කල් තිබුනු පොහොර ගැටලුව විසඳිලා, පොහොර රු. 40000 ට 50000 ට ගියපු එක දැන් රු 10000 ට සමාගම් වලින් ගන්න සුලභව තියෙන නිසා වගා කටයුතු කරන්න පුළුවන් නිසාද? ඔක්තෝබර් මාසයේ සාගතයක් එනවා කියල තිබුනු වෙලාවේ බොහොම අමාරුවෙන් ඒ ආහාර සුරක්ෂිතතාවය හා ආහාර සුරක්ෂිතතාවයට හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන නිසාද? හැමෝම හිතුවේ ඔක්තෝබර් වෙනකොට මේක කරගන්න බැරි වෙයි කියල. ඉතින් මේ රට ස්ථාවර වුනු නිසාද මේ උද්ඝෝෂණ තියෙන්නේ. දැන් IMF එකට ගිහිල්ල දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකොට බොහෝ දුරට ස්ටාෆ් ලෙවල් එකේ ඇග්‍රිමන්ට් එක එකඟතාවයකට පත් වෙනවා. එකත් එක්ක පොදු වේදිකාවක් තුළ ණය හිමියන් සමග සාකච්චා කිරීම දැනටත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්දයෙන් වන සාකච්ඡා ක්‍රියාත්මක වන නිසාද? ඉතින් අපට යම් සහනයක් දීල අපි ඉස්සරහට යන එක ප්‍රශ්නයක්ද? එක තමා ප්‍රශ්නයකට තියෙන්නේ. ආර්ථික වශයෙන් රට ස්ථාවර වෙන්න නම් IMF එකට එකඟතාවයකට ලැබෙන්න ඔනි. එක දෙසැම්බර් මාසයේ මුල් සතිය වෙන කොට මුලික වශයෙන් ලැබෙයි. එ්ක තමා ජනාධිපතිතුමා අපට දක්වල තියෙන අදහස. ඒවගේම අනෙකුත් රජයන් සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් ජපානය, චීනය, ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක මෙහෙම හොඳ තත්ත්වයක් ඇතිවෙන නිසාද මේ උද්ඝෝෂණය නැවත වතාවක් ආරම්භ කරන්න උත්සහ කරන්නේ”


    මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබියදී නැවත අස්ථාවර වීමට ඉඩ නොතබන ලෙස සියලු පුරවැසියන්ගේ වගකීම හා යුතුකමක් බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya