මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝස් සහ පුළුං හිඟයක් නැහැ- අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා - වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 26, 2022

     රට තුළ ගෝස් සහ පුළුං හිඟයක් පවතින්නේ යැයි මේ දිනවල ඇතැම් මාධ්‍ය වල පළවන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නැතැයිද, ගෝස් සහ පුළුං සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමේදී ඒවා අවශ්‍ය ප්‍රමාණයට පවතින බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ (25) රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකදීය.

    මෙම දිනවල අත්‍යවශ්‍ය ඖෂධ වල යම් ප්‍රමාණයක හිඟතාවක් පවතින බවද එය නිවැරදි කිරීමට කටයුතු කරමින් යන බවද සදහන් කළේය.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ ලබාදෙන සැපයුම්කරුවන් හට විශාල වශයෙන් මුදල් ගෙවීමට ඇති බවද සැපයුම්කරුවන්ගේ මුදල් ගෙවූපසු මෙම ගැටලු කඩිනමින් නිවැරදි වනු ඇති බවද අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya