මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 28 වනදා 

    ඔක්තෝබර් 26, 2022

    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 28 වන දින ප.ව. 02.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන 40ක් හා සාහිත්‍ය රත්න සම්මාන 03ක් පිරිනැමීමට නියමිතය.

    මෙහිදී සාහිත්‍යරත්න සම්මානයෙන්සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය කමනී ජයසේකර හා ටී. ඥානසේකරන් යන මහත්ම මහත්මීන් පිදුම් ලැබීමට නියමිතය.

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya