මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක 138 වන ජන්ම සැමරුම අදයි

    ඔක්තෝබර් 20, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්ම දිනය අද (20) යෙදී ඇත.

    වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.ඇස්. සේනානායක මැතිතුමා මුදලිදු දොන් ස්පේටර් සේනානායක මහතාගේ සහ කැතරින් එලිසබෙත් පෙරේරා මාතාවගේ පවුලේ සිව්වන දරුවා වේ.

    1912 දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.ඇස්. සේනානායක මහතා ලංකා ජාතික සංගමයේ ද සභාපතිවරයෙකු ලෙස කටයුතු කළේය.


    1946 වසරේ සැප්තැම්බර් 06 වෙනි දින පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් සේනානායක මහතා 1947 වසරේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ධූරයට පත් විය.

    1947 සිට 1952 දක්වා ලංකාවේ අගමැති ධූරය හෙබ වූ ඩී.ඇස්. සේනානායක මහතා 1952 මාර්තු මස 22 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya