මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනී සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්ප‍තට කථානායකවරයා සහතිකය සටහන් කරයි

    ඔක්තෝබර් 03, 2022

    පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ “ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන)” නමැති පනත් කෙටුම්ප‍තෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පෙරවරුවේ නිවේදනය කළේය.


    1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත සංශෝධනය කිරීම සදහා වූ මෙම පනත් කෙටුම්පත මගින් පනතේ තුන්වන වගන්තිය සංශෝධනය කර ඇත. එමගින් රූපවාහිනී සංස්ථාවේ සංයුතිය (අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය) වෙනස් කිරීම සිදුවේ. මේ අනුව 2022 අංක 26 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත ලෙස මෙම සංශෝධිත පනත බලාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya