මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    75වන නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම් ඇරඹීමට සැලසුම්

    ඔක්තෝබර් 03, 2022

    සුබපැතුම් පණිවිඩය

    ගිලිහී ගිය ස්වර්ණමය අවස්ථා පිළිබඳ පසුතැවීම වෙනුවට පවතින හා අනාගත අවස්ථා සැමගේ යහපතට යොදාගත හැකි වනුයේ ආකල්පමය වශයෙන් වන පිබිදීමකින් පමණි. 36වන ලෝක ජනාවාස දිනය සමරන ඔබට ඒ සඳහා ආරාධනා කරමි.

    අපි නිදහස ලබා දැන් අඩසිය වසකට අධිකය. අපට වඩා පහළ සමාජ ආර්ථික තත්ත්වයක් පැවති කලාපීය මෙන්ම ලෝකයේ තවත් රටවල් රැසක් දැනටමත් අප පසුකර ගොසිනි. අපනයනය ප්‍රමුඛ නවෝත්පාදන ආර්ථිකයකින් තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට ඉවහල්වන දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිවලින් තොරව රටක් සංවර්ධනය කිරීම දුෂ්කර කාර්යයකි.

    එළැඹෙන 75 වන නිදහස් සැමරුමත් සමග අපගේ ඉදිරි 25 වසරක සැලසුම් තුළ ඔබේ පවුලේ සදාදරණීයන් සමග තමාගේම නිවසක සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනැගීම අප සැමගේ අපේක්ෂාවයි. ඒ සඳහා අපි රජයක් වශයෙන් දැනටමත් ක්‍රියාත්මකය. 75වන නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම් ඇරඹීමට සැලසුම් ක්‍රියාත්මකය. ඒවා අගනගරයට පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවල ද ඉදි කෙරෙණු ඇත. ග්‍රාමීය මෙන්ම නාගරිකව වාසය කරන අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව කාර්යක්ෂම සහ මානුෂීය මුහුණු වරකින් විසඳීම රජයේ ඉලක්කයයි. ඒවා බෙදී යාමේදී පුද්ගල ප්‍රතිරූප පසෙක තබා “සුදුස්සාටම අයිතිවන” ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇත.

    ඉලක්ක හඹා යන අප කෙරෙහි බලපෑම් කරන දේශීය සහ ගෝලීය අභියෝග සංවේදීව දැක; ස්වයං කතිකාවක යෙදී ඊට නිසි පිළිතුරු සැපයීම සියලු දෙනාගේ වගකීමකි. පැන නැගෙන ප්‍රශ්නය කුමන ස්වරූපයේ වුව ද ඊට සාර්ථකව මුහුණ දිය හැකි දීර්ඝ කාලීන ප්‍රතිපත්ති, නීති සහ වැඩසටහන් සම්පාදනය, යුගයේ අවශ්‍යතාවකි. රට වෙනුවෙන් අප සියලුදෙනා එක්ව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව මම දකිමි.

    කිසිවෙකුත් අත්නොහැරුණු, පරතරයක් නැති, නොපසු වූ පුද්ගලයන් සහිත සමාජයක් ගොඩනැගීමට ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව නැවතත් සිහිපත් කරමින් ලෝක ජනාවාස 2022 සැමරුමට මාගේ හෘදයාගම සුභපැතුම් පළ කරමි.

    රනිල් වික්‍රමසිංහ
    2022-10-02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya