මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 29, 2022

     ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් එක්කෙරේ - ඇමති ප්‍රසන්න රණතුංග

    අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට යයි. එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට
    අපේක්ෂා කෙරෙන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතියද හිමිවිය. මේ සඳහා තෝරා ගැනෙන්නේ විවිධ හේතු නිසාවෙන් ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරවූ නිවාස 69,000ක් අතුරින් නිවාස 25,000කි. එම
    නිවාසවල වැඩ අවසන්කොට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20 විදුලියක් උත්පාදනය කෙරෙති. එම විදුලිය නිවාසවල පාවිච්චියට අමතරව ජාතික විදුලිබල පද්ධතියටද එක්කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2017 වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් දියත් කරනු ලැබූ නිවාස ව්‍යාපෘති රැසක් මේ වනවිට විවිධ හේතු මත අතරමඟ නතරව ඇත. ඒ අනුව මොණරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල, ගම්මාන වශයෙන් ආරම්භ කරන
    ලද අතරමඟ නතරව ඇති තෝරාගත් නිවාස යෝජනා ක්‍රම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    විදේශීය සමාගමක් සමඟ ඒකාබද්ධ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වසර 20ක් ගතවනතුරු සූර්ය පැනලවල නඩත්තුව ආයෝජකයා විසින් සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා පවසයි.

    එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පළමු වසර 7 සදහා විදුලි ඒකකයක් සදහා ඇමරිකානු ඩොලර් 0.116ක මුදලක් ආයෝජකයා වෙත ගෙවන අතර ඉතිරි වසර 13 සදහා විදුලි ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.0816 ක් ගෙවනු ලබයි.

    මෙම සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය මගින් වසරකට ගිගාවොට් 648ක ප්‍රමාණයක විදුලිය උත්පාදන කෙරේ. එබැවින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට වසරකට වැයවන මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 116.64ක මුදලක් ඉතිරිවන බවද අමාත්‍යවරයා පවසයි.

    මෙම ව්‍යාපෘතියෙන් ගිවිසුම්ගත විසිවසරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,332.80 විදේශ විනිමය වටිනාකමක් රටට ඉතිරිවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya